spot_img
spot_imgspot_img

කංජිපානී ඉම්රාන් අල්ලන්න යැයි නැවතත් වරෙන්තු

පුවත්

විදෙස්

මිනී මැරීමේ සිද්ධීන් කිහිපයකට ආධාර අනුබල දුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටිය දී ඇප මත නිදහස් කරන ලද මොහොමඩ් අහමඩ් නජී ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් නැවත අත්අඩංගවුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (29) නියෝග කළාය.

එම නියෝගය සිදුකර ඇත්තේ ඇප ලබා දීමේ දී පොලිසියට වාර්තා කරන ලෙස පනවා තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් සැකකරුගේ අප අවලංගු කරන්න යැයි පොලිසිය කරන ලද ඉල්ලීමක් සළකා බලමිනි.

මාලිගාවත්ත ‍ෙ පාපලිසිය අධිකරණයට දැක්වූ කරුණු අනුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

මහාධිකරණයෙන් ලබාදුන් ඇප නියෝගයකට අනුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප අත්සන් කර පිටව ගියේ පසුගිය 20 වැනි දා ය.

කෙසෙල්වත්ත පොලිසියේ විමර්ශන නිලධාරියකුට දුරකථන ඇමතුමක් ගෙන මරණීය තර්ජනය තිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද බන්ධනාගාරගතව සිටියේය.

මාකඳුරේ මධූෂ් සමඟ රැඳී සිටිය දී ඩුබායි පොලිසිය විසින් අත්අංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ ඉම්රාන් දැඩි ආරක්ෂාවක් යටතේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටිය දී මෙම සිද්ධීන් සදහා ඇප නියම කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!