spot_img
spot_imgspot_img

දන්ත වෛද්‍ය සිසුවාට පහර දී, කොතලාවල සිසුවෙක් පැරණි පෙම්වතිය පැහැරගෙන

පුවත්

විදෙස්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කඩා වැදුණු තරුණයකු එහි පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවකුට පහර දී ඔහු සමඟ සිටි දන්ත වෛද්‍ය සිසුවියක් පැහැරගෙන ගොස් ඇතැයි පේ‍රාදෙණිය පොලිසිය කියයි.

බදාදා (07) දන්ත වෛද්‍ය සිසුවා සහ සිසුවිය ‍රාමනාදන් ශාලාවේ පාඩම් කරමින් සිටිය දී මෙලෙස පහර දී ඇත්තේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවෙකි. පහරකෑමට ලක් වූ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.

පොලිසිය පවසන්නේ මෙම සිද්ධිිය සම්න්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන විනය ආරක්ෂක නිලධාරීවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම සිසුවිය රැගෙන ගිය තරුණයා සමඟ එම සිසුවිය ප්‍රේම සම්බන්ධයක් පවත්වා එය නතර කර ඇතැයි ද පහරකෑමට ලක්වූයේ ඇගේ වර්තමාන පෙම්වතා යැයි ද පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ කොතලාවන විද්‍යාපීඨ සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිසුවිය ඇගේ නිවසට  පැමිණි බව ඇගේ පියා විසින් පොලිසියට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!