spot_img
spot_imgspot_img

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ජනපති, ඇමති සමඟ ජනක රත්නායක මත ගැටුමක

පුවත්

විදෙස්

විදුලි බිල වැඩිකිරීමට ඉඩ නොදෙන බව කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක තමන් හමුවට කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් කීවේය.

ඔහු ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදුකරමින්, විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන බව පවසන්නේ තම සුඛෝපභෝගී සමාගම් කිහිපයක හිමිකරුවකු බැවින් තමන්ට සිදුවන අලාභය හේතුවෙන් යැයි ද ජනාධිපතිවරයා කීවේය.

මේ අතර විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් පත්කළ කමිටු යෝජනාවල මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ යෝජනාවක් ඇති බවයි.

එම කොමිසම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන ම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බව ද දියුණු රටවල ඇත්තේ එවැනි ක්‍රමවේදයක් බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් මේ පිළිබඳ විමසීමේ දී හෙතෙම කියා සිටියේ විදුලිබල අමාත්‍යවරයා පැය හත අටක් විදුලිය කපනවා කියමින් ජනතාවට බිය ඇතිකර විදුලි බිල වැඩි කිරීමට උත්සාහ ගන්නා බවයි. එවැනි දෙයකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවත් සභාපතිවරයා කීවේය.

“ලංකා විදුලිබල මණ්ඩලය දැන් ඉල්ලනවා කියන මිල සංශෝධනය ගැන යෝජනාවක් අපිට තවමත් ලැබිලා නැහැ. දැනට තියෙන තොරතුරු අනුව විදුලි බිල වැඩි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මහජනතාවට කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. අපේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව තිබෙන තාක්කාලයක් තුන්වැනි පාර්ශයකට විදුලි බිල වැඩිකිරීමට අවස්ථාවක් දෙන්නේ නෑ. ඒ තීරණය ගන්නේ අපි” යැයි ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!