spot_img
spot_imgspot_img

පාසල් වසා දැමීමට තීරණය කරයි

පුවත්

විදෙස්

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (09) රජයේ සියලු පාසල් සහ රජයේ ආධාර ලබන සියලු පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

බෙංගාල බොක්කේ හටගෙන ඇති කුණාටු තත්වයක් හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු සහිත වාතය ශ්‍රී ලංකාවට ඉහළ වායුගෝලයට පැමිණීම හේතුවෙන් රට පුරාම දිවා කාල‍යේ දී ද අඳුරු ස්වභාවයක් හටගෙන ඇත. සෞඛ්‍ය අංශ නිවේදනය කළේ මෙම වායුගෝලයේ දූෂිත තත්වය මිනිස් සිරුරට හානිකර මට්ටම පවා ඉක්මවා ඇති බවයි. ඒ හේතුවෙන් ශ්වසන රෝග ඇතිවිය හැකි බවත් හෘද රෝගීන් ඇතුළු වයස්ගත පුද්ගලයන්ට හානි සිදුවිය හැකි බවත් නිවේදනය කෙරිණි. එබැවින් නිවෙස්වලට ම වී සිටින ලෙස ද දැනුම් දී තිබිණි.

‍අයහපත් කාලගුණික තත්වය සම්බන්ධයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද සාකච්ඡාවකින් පසු හෙට (09) දිනයේ පාසල් වසා තැබීමට තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!