spot_img
spot_imgspot_img

අහංගම වෙරළේ සිටි කිඹුලා අල්ලා ගනී

පුවත්

විදෙස්

අහංගම මුහුදේ සැරිසරමින් සිටි කිඹුලා, ධීවරයන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද (14) උදෑසන අල්ලාගෙන තිබේ.

අඩි 06කට ආසන්න දිගකින් යුතු එම කිඹුලා වනජීවී දෙපාර්තමේන්තුවට භාරයට පත්කරන බව ප්‍රදේශවාසීන් පවසයි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජීවත්වන කිඹුල් විශේෂය ගැට කිඹුලා ලෙස හඳුන්වයි. ඉංග්‍රීසි බසින් Saltater crocodile ලෙස හඳුන්වන මෙම ජීවියා ලුණු සහිත ජලයට ප්‍රියකරන්නෙකි. ඒ නිසා කිඹුලන් මුහුදට පැමිණීම සහ මුහුදේ සැරි සැරීම අරුමයක් නොවේ. අහංගමට ඉතාමත් ආසන්නයෙන් පිහිටික කොග්ගල ඔය කිඹුලන් බහුලව සිටින ප්‍රදේශයක් බැවින් අහංගම වෙරළට කිඹුලන් පැමිණීම සාමාන්‍ය සිදුවීමකි. කිඹුලන් එක් ගංඟා නිම්නයක සිට තවත් ගංඟා නිම්නයකට සංක්‍රමණය වන්නේ මුහුදෙනි.

එහෙත් කිඹුලකු මුහුදේ සිටීම ධීවර කටයුතුවලට සහ සංචාරක කර්මාන්තයට බාධාවක් බැවින් ඒ බව පසුගිය දා පොලිසියට සහ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණි.

අද උදෑසන අහංගම වෙරළේ සිටි කිඹුලා මෙලෙස අල්ලාගෙන ඇතැයි පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!