spot_img
spot_imgspot_img

බෙල්ලෙන් අල්ලා පොලිස් කාන්තාවන් තල්ලු කළ නිලධාරියා ගැන විශේෂ පරීක්ෂණයක්

පුවත්

විදෙස්

සාමකාමී පා ගමනක යෙදී සිටි කාන්තාවන් දෙදෙනා පොලිසිය විසින් පසුගිය 12 වැනි දා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එතැන සිටි පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරනු ලැබූ නිලධාරියා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් කාන්තා නිලධාරිනියන්ට හිරිහැර කිරීම සහ පා ගමනක යෙදුණු කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ඊයේ (13) ආරම්භ කර ඇත්තේ පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකිනි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි. එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ‍ගේ අධීක්ෂණයෙන් එම විමර්ශනය පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානනත්වයෙන් මේ සඳහා කණ්ඩායමක් පත්කර ඇත.

පොලිස් නිලධාරිනියන් දෙදෙනාගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකර ඇත්තේ පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයාට බව ද අනාවරණය වී ඇත.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ මෙම අවස්ථාවේ දී පා ගමනේ යෙදුණු කාන්තාවන් දෙදෙනාට බලපෑම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම තුළින් මහජනතාවගේ බාෂණයේ නිදහසට, ප්‍රකාශනයේ නිදහසට බාධා වී ඇත්ද යන්නත්, කාන්තා පොලිස් නිලධාරිනියට යම් කිසි අකටයුතුකමක් සිදුව ඇත්ද යන්නත් ඇයගේ ගෞරවයට හානි සිදුව ඇති ආකාරයට කටයුතු කර තිබේද යන්නත් සොයා බලන බවයි.

එම කරුණු සොයා බැලීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම පරීක්ෂණය ඊයේ (13) දිනයේ ම ආරම්භ කළ බව ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!