spot_img
spot_imgspot_img

ගුරු හිමියන් මැරූ හැටි, පොඩි හාමුදුරුවන් පොලිසියේ දී කියලා

පුවත්

විදෙස්

සීදූව වෑත්තෑවේ නන්දාරාම විහාරස්ථානයේය විහාරාධිපති හිමිය්න ඝාතනය කළේ දේපළ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් යැයි එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ‍ගෝල හිමියන් පොලිසියේ දී ප්‍රකාශ කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැදගමුවේ මහානාම හිමියන්ය. විහාරස්ථානයේ ආවස ගෙය ඇතුළේ සිවුරකින් මුහුණ සහ මුඛය බැඳ දමා තිබිය දී මළ සිරුර සොයාගන්නා ලදී. ඒ වනවිටත් සිරුර කුණුවීම ආරම්භ වී දැඩි දුඟදක් හමමින් තිබිණි.

සැකකාර හිමිනම ඩුබායි බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී ඊයේ (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම සැකකරු 18 වැනි වියේ පසුවෙයි.

එම හිමියන් පොලිසියේ දී පවසා ඇත්තේ තමන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණියගේ මව සහ පියා සමඟ එක්ව තම ගුරු හිමියන් ඝාතනය කළ බවයි. පසුගිය 12 වැනි දා දවල් කාලයේ දී ගෙල සිරකර ඝාතනය සිදුකළ බවත්, පසුව පොලිස් සුනඛයන්ට ඉව නැතිකිරීමට හැකියැයි සිතා දේහයට මිරිස් කුඩු ඉස්ස බවත් ඔහු පොලිසියේ දී පාපොච්චාරණය කර ඇත.

විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 135කට හිමි ඝාතනය කරපු දිනයේ (12) දී සහ වැගන් ආර් රථය ලක්ෂ 54කට 14 වැනි දා අළෙවි කළ බව ද සැකකාර භික්ෂුව පවසා ඇත. මේ වනවිට එම ඝාතනයට ආධාර අනුබල දුන් යුවළ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!