spot_img
spot_imgspot_img

ජනතාවට ඇරපු නෙළුම් කුළුණ

පුවත්

විදෙස්

මෙතෙක් කිසිම ආදායක් උත්පාදනය කිරීටම නොහැකි වූ නෙළුම් කුළුණ නැරඹීමට ජනතාවට අවස්ථාව ලබා දෙමින් රජය ඒ පිළිබඳ ආදායම් වාර්තා පිළිබඳ මාධ්‍යට තොරතුරු නිකුත් කර තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව සිටිය දී නෙළුම් කුළුණ ඉදිකරන ලද්දේ එමගින් දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් කෝටි ගණනක් මුදල් උපයාගත හැකි බව පවසමිනි. නමුත් දැන් රජය සිදුකරන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට එය නැරඹීමට අවස්ථාව ලබා දී ජනතාව අත ඇති මුදල් එකතුකර ආදායාම් පිළිබඳ වාර්තා සැකසීමයි.

රජයේ දත්ත අනුව නෙළුම් කුළුණ විවෘත කළ ඊයේ (15) දිනයේ දී පමණක් ආදායම ලක්ෂ 15ට ආසන්න බව පවසයි. එය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2,612ක් පැමිණි බවත් විදේශිකයන් 21 දෙනකු පැමිණි බවත් නෙළුම් කුළුණ පෞද්ගලික සමාග‍මේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පවසයි.

රටේ ආර්ථික අර්බුදයට හේතු වූ දැවැන්ත ණය ප්‍රමාණයෙන් අති විශාල කොටසකට නෙළුම් කුළුණ හිමිකම් කියයි. පසුගිය මාස කිහිපයේ රටේ ආර්ථික අර්බුදය සමඟ දේශපාලකයන්ට එරෙහිව උද්ඝෝෂණය කළ ද මේ වනවිට දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ජනතාවක් මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබා ගනිමින් නෙළුම් කුළුණේ සිරි නරඹමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!