spot_img

සජිත්-අනුර විවාදයට, නීති ශිෂ්‍යයෝ පහසුකම් සලසති

පුවත්

විදෙස්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර පැවැත්වීමට නියමිතව ඇති විවාදය නීති විද්‍යාලයේ ධී පැවැත්වීමට සිය සංගමය පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර පවසයි.

එම විවාදයට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට තම සංගමය සූදානම් බවත්, ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

මේ බව සඳහන් කරමින් සජිත් ප්‍රේමදාසට සහ එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්සටත් ලිඛිතව දැනුම් දී ඇත.

විවාදය මගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට තමන් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට මහජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බව නීති ශිෂ්‍ය සංගමය සභාපතිවරයා පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles