spot_img

භික්ෂුව කතකගේ නිවසට රිංගුවා යැයි පහරදුන් ගැමියන් අත්අඩංගුවට

පුවත්

විදෙස්

මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ සිටි බෞද්ධ භික්ෂුවකට පහරදුන්නා යැයි සැකපිට පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි.

මෙම හිමිනම කාන්තාවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා යැයි කෝපයට පත් ගම්වාසීණ් පිරිසක් ඔහුට පහර දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද සඳහන් වේ. භික්ෂුව තමන් සමීප ඇසුරක් පවත්වන කාන්තාවකගේ නිවසට රාත්‍රී කාලයේ ගොස් එහි රාත්‍රිය ගතකර පසු දා අලුයම කොට කලිසමක් සහ ටී ෂර්ටයක් හැඳ හිස්වැසුමක් ද පැළඳගෙන ආපසු එමින් සිටිය දී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කීයයි.

පහරකෑමට ලක් වූ හිමියන්, ජංගම පොලිස් රාජකාරි නියුතු නිලධාරීන් විසින් බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහල වෙත යොමු කර ඇත.

පහරකෑමට ලක්වූ හිමියන්ගේ හැසිරීම භික්ෂුවකට උචිත නොවේ යැයි ගම්වාසීන් චෝදනා කරන බව ද පොලිසිය කීවේය.

කෙසේ වුව ද මෙලෙස පහරදීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති නිසා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles