spot_img

මත්තල ගුවන්තොටුපොළ වසර 30කට ඉන්දියාවට-රුසියාවට

පුවත්

විදෙස්

දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක් බවට පත්ව තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ ආයතන 05ක් අතරින් ඉන්දියානු සමාගමකට සහ රුසියානු සමාගමකට එහි මෙහෙයුම් බාරදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මේ සඳහා අභිලාෂ කැඳවීම 2023 ජනවාරි 09 වැනි දින කැබිනට් මනඩල අනුමැතිය අනුව සිදුකෙරිණි. ඒ සඳහා ඉදිරිපත් වූ ආයතන ගණන 05කි.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ අනුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකරණය ඉන්දියාවේ M/S Shaurya Aeronautics (pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර 30 කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles