spot_img
spot_imgspot_img

පොහොට්ටුවේ අපේක්ෂකයා, රනිල්ගේ තීරණය මත ?

පුවත්

විදෙස්

ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ජනාධිපති නිල නිවසේ දී හදිසි හමුවකින් අනතුරුවය.

බැසිල් රාජපක්ෂ පවසන්නේ තමන් අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණයට තරඟ කරන්නේ යැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට අවසන්වරට තරඟ කළේ 2005 වර්ෂයේ දී ය. එවර ඔහුගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ ඡන්ද 150,000 කින් ජයගත්තේය. ඉන් පසු පැවති ජනාධිපතිවරණවල දී 2010 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොවූ අතර පොදු අපේක්ෂකයා ලෙස ‍සරත් ෆොන්සේකා ඉදිරිපත් කෙරිණි. ඔහු එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ හමුවේ පරාජයට පත්විය. 2015 ජනාධිපතිරණයේ දී නැවත එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකර පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කෙරුණු අතර මහින්ද රාජපක්ෂ පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයට පත් වූ අතර ඔහු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්‍කළේය. ඉන්පසු 2015 අගෝස්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අතර නැවත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. 2019 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට තරඟ කළ අතර ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේය. පසුව 2020 පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබූ අතර එම පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් පමණි. මාස ගණනාවකට පසු එම මන්ත්‍රීධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දියත් වූ අරගලය අවස්ථාවේ දී අගමැතිධූරයටත්, ඉන්පසු ගෝඨාභය රාජපක්ෂගේ ඉවත්වීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිධූරයටත් පත්වී ඔහුගේ ධූර කාලය සම්පූර්ණ කරමින් සිටියි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය බාර ගැනීම පිළිබඳව ද රනිල් සහ ‍බැසිල් අතර පැවැති හමුවේදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස  ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇතැයි බැසිල්  රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද ඔහු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!