spot_img
spot_imgspot_img

හිනිදුම පොලිස් ස්ථානාධිපතිගේ පහර දීමෙන් තරුණයෙක් රෝහලේ. පහර දීමේ දර්ශන බලෙන් ම මකා දාලා

පුවත්

විදෙස්

ගාල්ල, හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ තමන්ට පහරදුන් බව පවසමින් 28 හැවිරිදි තරුණයකු රෝහල්ගතවී සිටියි.

හිනිදුම රෝහලට ඇතුළත් වූ ඔහුගේ තත්වය බරපතල බැවින් උඩුගම රෝහලට මාරුකර යැවූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිසිය සිය සංවත්සරය අද (03) මහ ඉහළින් සමරද්දී මෙලෙස අමානුෂික පහරදීමකට ලක්ව ඇත්තේ තවලම, නට්ටම්පිටියේ පදිංචි ලසිත කුමාර නමැති සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකි.

පොලිස් පහරදීමට ලක්වූ මෙම තරුණයා බුලත්, ගම්මිරිස්, කරාබුනැටි, කුරුඳු, පුවක් වැනි කුළුබඩු වර්ග එකතුකරන ව්‍යාපාරිකයෙකි. තවලම ජසටින්වැලි හන්දියේ ඔහු කුඩා කඩයක් පවත්වාගෙන යයි. එම කඩයට පැමිණි අයකු ඔහුට කුළු බඩු වර්ග කිහියක් අළෙවි කර ඇති අතර ඒ සඳහා ඔහු ලදු පතක් ද නිකුත් කරමින් මුදල් ලබා දී තිබේ.

පසුව එම ස්ථානයට පොලිසිය පැමිණ ඇති අතර පොලිසිය පවසා ඇත්තේ ඔහු විසින් මිල දී ගත් ද්‍රව්‍ය හොරකම් කළ භාණ්ඩ බවයි. තමන් ඒවා මිලදී ගත් ද්‍රව්‍ය බවත්, මිල දී ගැනීමේ දී හොර බඩු ‍බව නොදන්නා බවත් කීව ද පොලිසිය ඔහුට පහර දී තිබේ. රෝහල්ගතව සිටින තරුණයා පවසන්නේ පොලිස් ජීප් රථයකින් පැමිණි ස්ථානාධිපතිවරයා තමන්ට පහරදුන් බවයි.

මේ අවස්ථාවේ දී අසළ වෙළෙඳ සැළක තවත් අයකු එම සිද්ධිය සම්පූර්ණයෙන් ම පටිගත කර ඇති අතර එ් බව දුටු ස්ථානාධිපතිවරයා ඔහුගේ ජංගම දුරකථනය උදුරාගෙන පොලිසියට ගොස් ඇත. ජංගම දුරකථනයේ හිමිකරු පොලිසියට කැඳවා එම වීඩියෝ දර්ශන ඔහු ස්ථානාධිපතිවරයා විසින් තමන් ඉදිරිපිට දී ම මකා දමා ජංගම දුරකථනය ආපසු ලබාදුන් බව එහි හිමිකරු පවසයි.

මේ සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ තරුණයා සහ ඔහුගේ ඥාතීන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිලි කර ඇති අතර මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!