spot_img
spot_imgspot_img

තෙල් සංස්ථාවට බිලියන 150ට වැඩි පොල්ලක්. ත්‍රිවිධ හමුදාවත් සල්ලි ඒ අතර

පුවත්

විදෙස්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි ගණනින් පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත්තේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන පවා මුදල් නොගෙවා පැහැර හැරීම හේතුවෙනි.

2019 වර්ෂය අවසානය වනවිට ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතුව ඇති ණය මුදල රුපියල් බිලියන 136ක්ව පැවතුණු අතර දැන් එම මුදල ඊටත වඩා ඉහළ අගයක් ගනු ඇත. නමුත් ඒ පිළිබඳ සංඛ්‍යාලේඛන දත්ත ලබා ගැනීම අසීරු වී ිතබේ.

මේ අතර පුද්ගලික අංශය විසින් ආරම්භ කර ඇති තාප විදුලි බලාගාර කිහිපයක් ද මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෝටි ගණනක් මුදල් ගෙවීම පැහැර හැර තිබේ. එම මුදල රුපියල් බිලියන 15.72කි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වූ පුද්ගලික විදුලි බලාගාර කිහිපයක් පහත සඳන ්කර තිබේ

  1. වෙස්ට් කෝස්ට් බලාගාරය – රුපියල් මිලියන 270
  2. සොජිටිස් කැලණිතිස්ස බලාගාරය – රුපියල් මිලියන 163
  3. ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය – රුපියල් මිලියන 100
  4. ඒෂියා පවර් බලාගාරය – රුපියල් මිලියන 51
  5. උතුරු ජනනී බලාගාරය – රුපියල් මිලියන 27
  6. ඒස් පවර් මාතර බලාගාරය – රුපියල් මිලියන 20

රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන මේ තරම් විශාල මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීමට හෝ මුදල් නොමැතිවී තිබේ.

එය ආයතන කිහිපයක් හේතුවෙන් සමස්ත රට ම අර්බුදයකට තල්ලු කිරීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!