spot_img
spot_imgspot_img

ගංවතුරේ ගසාගෙන ගිය තිදෙනාගෙන් එක් අයකුගේ සිරුර දින 11කට පසු හමුවෙයි

පුවත්

විදෙස්

නාවලපිටිය කැටබුලා ඔය හරහා ගමන් කරමින් සිටිය දී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි තිදෙනාගෙන් එක් අයකුගේ  මළ සිරුරක් දින 11කට පසු අද හමු වූ බව පොලිසිය කියයි.

මෙලෙස හමු වී ඇත්තේ 49 හැවිරිදි සිව්දරු පියාගේ මළසිරුර බව ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත. අතුරුදන් වූ 36 හැවිරිදි තිදරු පියාගේ සහ 45 හැවිරිදි තිදරු මවගේ සිරුරු මෙතෙක් හමු වී නැත.

මෙම මළසිරුර හමු වී ඇත්තේ ගම්පොළ මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟ ඉවුරේ රැඳී තිබිය දී ය.

ඔවුන් අනතුරට පත් වූ ස්ථානයේ පිහිටා ඇත්තේ සපත්තු පාළමකි. කැටබුලා ඔයේ ජලය වැඩිවීමත් සමඟ ගම්වාසීන්  විසින් එම ස්ථානය හරහා එගොඩ මෙගොඩ යන අය සඳහා කඹයක් ගැටගසා  තිබූ අතර එය අතහැරී මේ තිදෙනා දැඩි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබිණි.

පුදුකාට්ටු හා අක්කරවත්ත යා කරන මෙම සපත්තු පාලම අබලන්ව තිබිය දී කිසිදු රාජ්‍ය ආයතනයක් එය අලුත්වැඩියා කර තිබුණේ නැත. පසුව කහවත්ත වැවිලි සමාගමේ අනුග්‍රහයෙන්  පාල‍ම පිළිසකර කර තිබිණි.

ඉන් පසුව ද එම පාලම දෙපස ආරක්ෂිත වැටක් ඉදිකර දෙන ලෙස කොත්මලේ ප්‍රාදේශීය සභාවෙන් ප්‍රදේශවාසීන් ඉල්ලීම් කර ඇතත් එය ඉටුකර දී තිබුණේ නැත.

මෙම පාලම භාවිතා කරමින් ඔබ මොබ යන පවුල් සංඛ්‍යාව 500ක් පමණ බව ප්‍රදේශවාසීහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!