spot_img
spot_imgspot_img

මුහුදේ දී ධීවරයා මියගිය පසු බෝට්ටුවත් නතර වෙලා, නාවික හමුදාව මළ සිිරුර සහිත බෝට්ටුව ගාල්ලට රැගෙන එයි

පුවත්

විදෙස්

මුහුදේ දී මියගිය ධීවරයකු‍ගේ මළ සිරුරක් ඊයේ (11) රාත්‍රී ගාල්ල වරායට ගෙනවිත් කරාපිටිය රෝහලට යැවූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවලින් මුහුදු ගිය බහුදින යාත්‍රාවක මරක්කලහේ ලෙස කටයුතු කළ වන්නකුවත්ත වඩුගේ අනුර ඩයස් නමැති 57 හැවිරිදි සිව්දරු පියෙකි.

කළුතර දකුණ, කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු පසුගිය 07 වැනි දා බේරුවල ධීවර වරායෙන් “ෂෙරාන් පුතා” නමැති ධීවර යාත්‍රාවෙන් තවත් සිව් දෙනකු සමඟ මුහුදු ගොස් තිබිණි. බේරුවල සිට මුහුදු සැතපුම් 140ක් පමණ ඈත මුහුදේ දී ඔහු 09 වැනි දා රාත්‍රී හදිසියේ ම අසනීප වී මියගියේය. තම සඟයා මියයාමත් සමඟ ධීවර යාත්‍රාව ආපසු බේරුවල දක්වා පැමිණීමට කටයුතු කළ ද මුහුදේ දී කාර්මික දෝශයක් හේතුවෙන් එයට පැමිණීමට නොහැකි වී ඇති බව ද පොලිසිය පවසයි.

ඉන් අනතුරුව ඒ බව නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු ඒ වනවිට බේරුවලට වඩා ගාල්ල වරායට සමීපව තිබූ යාත්‍රාව නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රී ගාල්ලට ඇදගෙන විත් ඇත. නාවික හමුදාව පවසන්නේ බේරුවල ධීවර වරායට නාවික සැතපුම් 90ක් පමණ දුරින් හා ගාල්ල ධීවර වරායට නාවික සැතපුම් 60ක් පමණ දුරින් එම ධීවර යාත්‍රාව නතර වී තිබුණු බවයි.

ඊයේ (11) රාත්‍රියේම වරායට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක්  පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකරන ලෙස නියෝග කළේය.

ගාල්ල වරාය පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!