spot_img
spot_imgspot_img

සැඟවී සිටින ජීවන්ත පීරිස් අත්අඩංගුවට ගත යුතු යැයි නීතිපති අධිකරණයට කියයි

පුවත්

විදෙස්

අරගලයට නායකත්වය දුන් අයගෙන් කෙනෙකු වන පූජක ජීවන්ත පීරිස් අත්අඩඩගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කර තිබූ පෙපත්සමට තමන් විරෝධය දක්වන බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

රජයේ නීතිඥ කාවින්ද වික්‍රමසිංහ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් මේ බව කියා සිටියේය.

ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉදිරිපත් කර තිබූ පෙත්සම, එල්. ටී. බී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සැළකිල්ලට ගැණිනි.

පෙත්සම්කරු මේ වන විට සැඟවී සිටින බවත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයක් පැවැත්වෙන බැවින් මෙලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරීමට විරුද්ධ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේය

පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න තම සේවදායකයා නීතිවිරෝධී කටයුත්තක් කර නැති බැවින්, මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන සලසා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම  සැප්තැම්බර් මස 01 වැනිදා නැවත කැදවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!