spot_img
spot_img

විදුලි බිල 75%කින් වැඩි කරයි

පුවත්

විදෙස්

විදුලි ගාස්තුව 75% කින් ඉහළ දැමීමට අවසර ලබාදුන් බව මහජන උපපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (09) කොල්ලුපිටියේ මහජන උපයෝගීතා කොමිසමේ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඒ අනුනව ඒකක 30ක් දක්වා භාවිතා කරන පාරිභෝගිකයන් ගේ විදුලි බිල සඳහා රුපිල් 198.00 ක් වැඩි වීමට නියමිතය. ඒකක 60ක් දක්වා භාවිතා කරන විදුලි බිලක් සඳහා 200%කින් පමණ ගාස්තු වැඩිවන බව ද ජනක රත්නායක පවසයි. ඒකක 60-90ත් අතර බිල්පතක් 125%කින් වැඩි වීමට නියමිතය.

ඒ අනුව 75%කින් වැඩි වනවා යනුවෙන් අදහස් කරන්නේ සමස්ත වැඩිවීමයි.

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ වර්තමාන ගණනය කිරීම් අනුව විදුලි ඒකකයක් නිපදවීම සඳහා අවම වශයෙන් රුපියල් 32.00ක මුදලක් වැය වන බවයි.

සංචාරක ක්ෂේත්‍රයේ විදුලි බිල්පත් 50%කින් වැඩි කිරීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!