spot_img
spot_imgspot_img

සියලු ගුවන් මගීන්ට රේගුවෙන් අනතුරු ඇඟවීමක්

පුවත්

විදෙස්

ගුවන් තොටුපොළ හරහා හෝ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සමාගම් මගින් හෝ එවන ගමන්මළු තුළ බහා මෙරට ආනයනය තහනම් සහ ආනයනය සීමා කර ඇති කිසිම භාණ්ඩයක් ගෙන ඒම තහනම් බවත් එවැනි භාණ්ඩ ඇත්නම් රාජසන්තක කරන බවත් ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් විසින් මේ සම්බන්ධ විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

ආනයනය සීමා කර ඇති භාණ්ඩ ගුවන් තොටුපොළ හරහා ගමන් මළු තුළ බහා හෝ භාණ්ඩ ප්‍රවාහන සමාගම් මගින් හෝ ගෙන්වීම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ද රේගුව පවසයි.

රත්‍රන්, දුම්වැටි, ඖෂධ වර්ග, විසිතුරු පැල වැනි ආනයනය සීමා කර ඇති භාණ්ඩ සහ රට තුළ පවතින විදේශ විනිමය ගැටලු හේතුවෙන් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති භාණ්ඩ මෙ‍ලෙස රැගෙන එන්නේ නම් රේගු ආඥාපනත සහ ආනයන අපනයන (පාලන) පනතේ විධිවිධාන අනුව ක්‍රියාකරන බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

එමෙන්ම ඇතැම් පුද්ගලයන් ඇතැම් පුද්ගලයන් විවිධ භාණ්ඩ වාණිජ ප්‍රමාණයෙන් ගමන් මළු තුළ රැගෙන එන බැවින් එලෙස කිරීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා රේගුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන්ට දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!