spot_img
spot_imgspot_img

ජවිපෙ ආසයි බයයි ප්‍රතිපත්තිය. උදේට හා කියයි රෑට බෑ කියයි

පුවත්

විදෙස්

සර්ව පාක්ෂික ආණ්ඩුවක පිහිටුවීම සඳහා අද (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා නොකිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ සවස නිවේදනය කළේය. ඊයේ (08) උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ අද (09) ජනාධිපතිවරයා සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයේන සාකච්ඡාවකට සහභාගී වන බවයි.

නමුත් පසුව එම තීරණය වෙනස් කළ ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ලිඛිතව යොමුකිරීමට තීරණය කළ බව පවසයි.

මීට ඉහත දී ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වරක් පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තමන්ට අභිමත පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට ඉඩ දෙන්නේ නම් අගමැතිධූරය බාරගෙන රටේ ප්‍රශ්න විසඳීමට තමන් සූදානම් බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක අගමැති ධූරය බාර ගන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි කීවේය. ඉන් පැය කිහිපයකට පසු ඊට ප්‍රතිචාර දැක්වූ අනුර කුමාර දිසානායක අගමැතිධූරය බාර ගැනීමට තමන්ටත්, රනිල් වික්‍රමසිංහටත් ජනවරමක් නැතැයි කියා අගමැතිධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයකු තෝරාපත්කරගන්නා අවස්ථාවේ දී මන්ත්‍රීවරු තිදෙනකුගේ නියෝජනයක් සහිත ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද එක් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූයේය. එම අවස්ථාවේ දී ඔහුට හිමිවූයේ ඡන්ද තුනක් පමණි. ඔහුට ජනාධිපතිවීමට නම් අනිවාර්යයෙන් ම ඒ වනවිටත් පාර්ලිමේන්තුවේ බහුතරය සහති පොදු ජන පෙරමුණේ සහය අවශ්‍යව තිබිණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති  ධූරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙය රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් බවයි. නමුත් රාජපක්ෂලාගේ ඡන්දයෙන් ජනාධිපතිධූරයට පත්වීමේ අපේක්ෂාවෙන් ඔහු ද ඒ සඳහා ඉදිරිපත් වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!