spot_img
spot_imgspot_img

ගාලු වරායේ ටින් මාලු සමාගම රජයට පොලු තියද්දී, බලධාරීන් නිහඬයි

පුවත්

විදෙස්

ගාල්ල ධීවර වරායේ පිහිටි ශීතාගාර සංකීර්ණයේ අධීකශීතාගාර සහ ශීතාගාර බදු පදනම යටතේ බාගත් ටින් මාළු සමාගමක් රජයට මුදල් ලබාදීම පැහැර හරිමින් මාස කිහිපයක බදු මුදල් ද‍ ගෙවා නැත.

රුපියල් ලක්ෂ 30ක් මාසයකට බදු කුලියක් ගෙවීමේ පොරොන්දුව මත 2021 වර්ෂයේ ජූලි මස 22 වැනි දා මෙම ශීතාගාරය ටින් මාළු සමාගම වෙත ටෙන්ඩරයක් මගින් ලබා දී තිබේ. එහි දී රුපියල් ලක්ෂ 90ක ස්ථාවර තැන්පතුවක් සහ රුපියල් ලක්ෂ 60ක බැංකු ඇපකරයක් ලබා දීමට ද ගිවිසුමෙන් එකඟ වී තිබිණි.

ස්ථාවර තැන්පතුව තැන්පත් කිරීමෙන් පසු දින 05ක් ඇතුළත බැංකු ඇපකරය ලබාදෙන බවට මේ සමාගම පොරොන්දු වී තිබිණි. නමුත් මේ දක්වා ම එම මුදල ලබා දී නැත.

නමුත් සමාගම විසින් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 90ක ස්ථිර තැන්පතුව පමණි. බැංකු ඇපකරය වසරක් ගතවන තුරුම ලබා දී නැත. එමෙන් ම මාස තුනක මාසික කුලිය ද ගෙවීම පැහැර හැර ඇතැයි ධීවර සංස්ථාව පවසයි.

මෙම ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ගිවිසුම අවලංගු කරන ලෙසත් බැඳුම්කරය අවලංගු කරන ලෙසත් ලංකා ධීවර සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නීති අංශය එම සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියට දැනුම් දී ඇතත් මේ දක්වාම සමාගමට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!