spot_img
spot_imgspot_img

කොටියාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

පුවත්

විදෙස්

හැටන්, සමර්හිල් වත්තේ දී ගසක එල්ලී මියගිය කොටියාගේ මරණය සම්බන්ධයෙන් වාහම විමර්ශනයක් ආරම්භ කරන්න යැයි කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අද (08) එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්ට දැනුම් දී තිබේ.

සතුන් දඩයම් කිරීම සඳහා කම්බියකින් සකසා තිබූ මන්දකට හසුවූ මේ කොටියා එම මන්ද කඩාගෙන ගොස් යුකැලිප්ටස් ගසකට නැගන සිටිය දී එම මන්ද ගසේ හිරවී කොටියා මන්දෙන් එල්ලී සිටියේය. කොටියාගේ උදරය ප්‍රදේශයට මන්ද තද වී ම හේතුවෙන් වනජීවී නිලධාරීන් එහි පැමිණෙන විට කොටියා ඉතාමත් දුර්වල තත්වයෙන් සිටි බව ද වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වෙයි.

එසේ වුව ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ මේ සිදුවීම පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරන ජනතාව පවසන්නේ කොටියා බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ට ඕනෑ තරම් අවස්ථාව තිබිය දී ගස කපා බිම හෙළීමෙන් කොටියා ගසට යට වී මියගිය බවයි. මෙය මහදැන මුත්ත නමැති ජන කතාවේ මුට්ටයට ඔළුව හිරවූ එළුවාගේ හිස එළියට ගැනීමට ‍එළුවාගේ බෙල්ල කැපීම වැනි වැඩක් යැයි මේ වනවිට වනජීවී නිලධාරින් දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

වනජීවී නිලධාරීන්ගෙන් අප කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ කොටියාගේ උදරය මන්දට කැපී ගැඹුරු තුවාලයක් ඇති බවයි. කොටියා මියගියේ එම තුවාල හේතුවෙන් විය හැකියැයි ද පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු ඒ ගැන නිශ්චිත තීරණයක් ගත හැකියැයි ද ඔවුන් පවසයි.

මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ. වනජීවී නිලධාරීන් අද (08) කොටියාගේ මරණය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබේ.

විශේෂ විමර්ශනයක් සඳහා අද (08) අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇතුළු පිරිසක් හැටන් සමර්හිල් වතුයාය දක්වා පිටත්වීමට නියමිත බව ද අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!