spot_img
spot_imgspot_img

කොරෝනා අවදානම තවත් ඉහළට

පුවත්

විදෙස්

මෙතෙක් ලෝකයේ වාර්තා වූ වඩාත් දරුණු කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමඟ නැවත වතාවක් දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (07) දිනයේ මෙ‍රටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 184 දෙනෙකි. කොරෝනා ආසාදිත බවට තහවරු කරගත් මරණන 03ක් ද ඊයේ වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වසන්නේ ඒ සියලු දෙනා ම ශ්‍රී ලාංකිකයන් බවයි. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 666,764කි. සමස්ත මරණ සංඛ්‍යාව 166,586කි.

මුඛ ආවරණ නැවත අනිවාර්ය කරමින් නීති පනවා නැතත් හැකි සෑම අවස්ථාවක දී ම මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

මෙලෙද දිනකට 200කට ආසන්න කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ කොරෝනා සඳහා පරීක්ෂණ විශේෂයෙන් සිදු නොකරන තත්වයක දී ය. මේ ආසාදිතයන් හමු වී ඇත්තේ ඔවුන් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන බැවින් විශේෂයෙන් කොරෝනා වෛරස සඳහා පරීක්ෂණ කර ගැනීම හේතුවෙනි.

සෞඛ්‍ය අංශ පවසන්නේ එබැවින් සාමාන්‍ය ජනතාව අතර මේ වනවිට කොරෝනා වයිරසය යළිත් පැතිරයමින් බව එයින් පැහැදිලිවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!