spot_img
spot_imgspot_img

මැතිවරණ ක්‍රමය සංශෝධනයට විශේෂ සාකච්ඡාවක්

පුවත්

විදෙස්

මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (08) පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර පැවැත්වේ.

එම සාකච්ඡාව සඳහා සියලු පක්ෂ‍ ලේකම්වරුන් ඇතුළු නියෝජිතයන්ට කැඳවීමක් කර ඇත.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරියේ දී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ සිවිල් සංවිධාන පිළිබඳව ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!