spot_img
spot_imgspot_img

අරගලයේ දී පැහැරගත් බව කියූ ගිනි අවියක් පාලමක් යටින් මතුවෙයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු වටරවුම අසළ පොල්දූව හන්දියේ දී පසුගිය 13 වැනි දා පැවැති විරෝධතාවයේ දී අතුරුදන් වූ බව කියූ ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය දියවන්නා ඔයේ පාලමක් යට තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම ගිනි අවිය විරෝධතාකරුවන් විසින් කොල්ලකෑ බව කලින් ප්‍රකාශ කෙරිණි.

යුද හමුදා සෙබළු දෙදෙනකු ගේ ටී 56 ගිනි අවි දෙකක් සහ පතොරම් ගැබ් 02ක් එලෙස කොල්ල කා ඇතැයි පොලිසිය මීට පෙර කීවේය.  මෙම ගිනි අවිය සමඟ හිස් පතොරම් ගැබක් දියවන්නා ඔයේ පාලම යට තිබී නාවික හමුදා කිමිදුම් බලකාය විසින් පසුගිය 23 වැනි දා සොයාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!