spot_img
spot_imgspot_img

ලෝක දියේ ගිලීම වැළැක්වීමේ දිනය අද

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඇළ, දොළ, ගංඟා සහ වැව් අමුණු මෙන්ම ළිං ආදියත්, රට වටා ඇති මහ මුහුදත් මෙරට බොහෝ දෙනකුගේ මරණ මංචකය තීරණය කරන ස්ථානයක් බව නොරහසකි.

සෑම දිනක ම රට පුරාම විවිධ ප්‍රදේශවලින් දියේ ගිලී මිය යෑම් වාර්තා වෙයි.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් ඇති ගැටලුවක් නොවේ සමස්ත ලෝකයේ ම හදිසි මරණවලට ප්‍රධාන හේතුවක් ලෙස දිය ගිලීමේ පිළිගනු ලබයි.

මේ නිසා ම 2021 අප්‍රේල් මාසයේ දී “ලෝක‍ දියේ ගිලීම වැළැක්වීමේ දිනය” ප්‍රකාශයට පත්කළ අතර එය සෑම වර්ෂයක ම ජූලි 25 වැනි දා ට යෙදී තිබේ.

සෑඹ වර්ෂයක ම සාමන්‍යයෙන් ලෝකයේ පුද්ගලයන් 236,000ක් පමණ මිය යන බවට ඇස්තමේන්තු ගත කර තිබේ. මේ තරම් විශාල පිරිසක් දියේ ගිලී මියයන බැවින් එය ලෝකයේ මහජන ගැටලුවක් ලෙස ද හඳුනාගෙන ඇත. වයස අවුරුදු 01- 24ත් අතර ළමුන් සහ තරුණයන්ගේ හදිසි මරණවලට ලොව ප්‍රධානතම හේතුවක් ලෙස දියේ ගිලීම හඳුනාගෙන ඇත. ලෝකයේ සියලු ම ආකාරයේ අනතුරුවලින් සිදුවන මරණවලින් 7%ක් ම දියේ ගිලීමෙන් සිදුවන මරණ ලෙස හඳුනාගෙන ඇත.

මෙය ලෝ‍කයේ එක් කලාපයකට, ප්‍රදේශයකට හෝ රටකට හෝ සුවිශේෂී නැත. එක හා සමානව ගෝලීය වශයෙන් සියලු ප්‍රදේශව දියේ ගිලී මියයාම් වාර්තාවන නමුත ඉන් 90%ක් ම අඩු සහ මධ්‍ය ආදායම් ලබන රවටල සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ. ලොව දියේ ගිලීමෙන් සිදුවන මරණවලින් අඩවකට වඩා පැසිෆික් කලාපයේ සහ ගිනිකොනදිග ආසියා කලාපයේ සිදුවන බව ද මේ වනවිට දත්ත වි‍ශ්ලේෂණ තහවුරු වෙයි.

ලෝක දියේ ගිලීම වැළැක්වීමේ දිනයේ දී එවැනි ‍සිදුවීම්වලින් ඛේදනීය සහ හානිකර බලපෑම් වැළලැක්වීමට ජීවිත ආරක්ෂා කරගැනීම‍ේ විසඳුම් ඉදිරිපත් කිරීමට අවදානය යොමු කර ඇත.

එහි දී එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සමාජ සංවිධාන, පෞද්ගලික අංශය,  විද්වතුන් සහ බලපෑම් කළ හැකි පුද්ලයන්, රජයයන් ඇතුළු සියලු පාර්ශවකරුවන් මේ සඳහා ගතයුතු ක්‍රියාමර්ග සහ එවැනි අනතුරු වළක්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කිරීමට සැමට ආරාධනා කරයි.

අනතුරුදායක ජලජ ස්ථානයන්ට ප්‍රවේශ වීම පාලනය කිරීමේ බාධක ස්ථාපිත කිරීම, ජීවිත ආරක්ෂක පුහුනුව, ජල අවශ්‍යතා සඳහා අනතුරුදායක නොවන ආරක්ෂිත ස්ථාන සැකසීම, පිහිනීම, ජල ආරක්ෂණය සඳහා කුසලතා ඇතිකිරීම. ගලවාගැනීමේ ක්‍රම සහ ජීවිතය බේරාගැනීම සඳහා ඉගැන්වීම. ගංවතුර අවදානම් කළමනාකරණය කිරීම ආදිය කෙරෙහි ද මෙහි දී අවධානය යොමුකර ඇත.

https://www.un.org/en/observances/drowning-prevention-day

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!