spot_img
spot_imgspot_img

පෝළිමේ ඉන්න අයට අද තෙල් දුන්නත් හෙට සිට අංකය අනුව පමණයි

පුවත්

විදෙස්

දින ගණනක් පෝළිම්වල රැඳී සිටි අයට අද (21) දිනයේ ඉන්ධන ලබාදුන්න ද හෙට (22) සිට ඉන්ධන නිකුත් කරන්නේ වාහන අංක තහඩුවේ දිනයට අනුව පමණක් බව කණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සභබාපති කුසුම් සඳනායක අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

මේ අතර ඔවුන් තමන්ට මතුව ඇති ගැටලුවක් පිළිබඳව ද සඳහන් කළේය.

“ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපිට ලබාදෙන වට්ටම් 3% දක්වා අඩු කරලා. මේ නිසා අපිට පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවෙලා තියෙන්නේ. අපි දැන් පිරවුම්හල්වලට තෙල් ලබාගන්නේ අත්පිට මුදල් ලබා දීලා. අපි ඉස්සර තෙල් ගත්තේ අපේ තෙල් ලැබුණාම /3මුදල් ගෙවන්න. නමුත් දැන් තත්වය වෙනස් කරලා ඒ නිසා පිරවුම්හල්වලින් 45%ක ම විතර අය ලක්ෂ 200කට වඩා වැඩි මුදලක් සංස්ථාවට තැන්පත් කරලා තියෙනවා. නමුත් එහෙම කලින් මුදල් ගෙවලත් තෙල් නොදී දවස් ගණන් පරක්කු කරලා අපිට ලැබෙන වට්ටම් මුදලත් 1/3 ටත් වඩා අඩු කරලා. අපි මේ ගැන කතා කරලා සාධාරණයක් ඉටුකරගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉදිරියේ දී අපිට තිරණයක් ගන්න වෙනවා මේ සේවාව දිගටම පවත්වාගෙන යනවා ද කියා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!