spot_img
spot_imgspot_img

ඉන්ධන බෙදාහැරීම අරඹයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉන්ධන තොග අද (19) සිට දුම්රිය සහ ට්‍රක් රථ මගින් ප්‍රාදේශීය ගබඩා සංකීර්ණ වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේවන විට ඩීසල් සහිත නෞකා දෙකකින් ගෙන එන ලද තෙල් තොග ගොඩබෑම් කර ඇවසන් අතර ඒවා බෙදාහැරීම දැනටමත් ආරම්භ කර තිබේ. තවත් ඩීසල් නැවක ගොඩබෑම් කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

ඊයේ පෙට්‍රල් රැගත් නෞකාවක් ද කොළඹ වරායට ළඟා වූ අතර එහි සාම්පල පරීක්ෂාව ද සිදුකිරීමට නියමිතව තිබිණි. ඉන් පසු එම නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම සිදුවන අතර 21 වැනි දා ට පෙර එම තෙල් තොගය ද ප්‍රාදේශීය ඉන්ධන ගබඩා වෙත බෙදා අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඉන් පසු ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන බලපත්‍රය අනව සිදුකරන බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එබැවින්, සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් ගැසී රැඳී සිටින පුද්ගලයන් සිය රථ වාහන ඉවත්කරගන්නා ලෙස ද ඉන්ධන නිකුත් කරන්නේ බලපත්‍රය අනුව බව ද රජය නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!