spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දෙනවා යැයි දයාසිරි කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන් ම ජනාධිපතිවරයා තෝරාගැනිමේ දී ඡන්දය භාවිතා කරන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු කියා සිටියේ අද (19) පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී සහාය පළකරන පාර්ශවය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ද කියා සිටියේය.

“ අපි උත්සාහ ගත්තේ තවදුරටත් පාර්ලිමේන්තුවේ ඡන්දයට නොගිහින් මේක සම්මුතියකින් බේරා ගැනීමට. ඒ සඳහා සියලු කණ්ඩායම් සමඟ එකඟතාවකට එන්න අපි උත්සාහ ගත්තා. එ් අවස්ථාවේ දී තමයි අපි කිව්‍වේ කාටවත් අපේ පක්ෂයේ සහයෝගය දෙන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුව ඇතුලේ තවදුරටත් ඡන්ද පෙට්ටි තියලා කරන දේශපාලනය නවත්වන්න කියන කාරණයේ අපි දිගටම ඉන්නවා. එහෙම නොවෙනවානම් අපි ඡන්දය වර්ජනය කරනවා කියන කාරණය තමයි අපි කිව්වේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු දෙනා එකතු වෙලා අද තීන්දුවක් අරගෙන අපි අනිවාර්යයෙන් ම ඡන්දය පාවිච්චි කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!