spot_img
spot_imgspot_img

‍ගෝඨාභය තම නිවසේ නැතැයි ගුවන් හමුදාපති කියයි

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාපතිවරයාගේ පුද්ගලික නිවසේ රැඳී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ නිවෙස් ජනාධිපතිවරයා රැඳී සිටින බවට “ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ” සභාපතියැයි පවසන හිටපු පොලිස් නිලධාරියකු  ඒ බව සඳහන් හඬපටයක් මුදාහැර ඇත.

මෙය ගුවන් හමුදාවට සහ ගුවන්හමුදාපතිවරයාගේ කීර්තිනාමයට  හානි කරන්නක් බව ද මහජනතාව තුළ ගුවන් හමුදාව කෙරෙහි වෛරය හා ක්‍රෝධය ඇතිකරවන්නක් බව ද එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!