spot_img
spot_imgspot_img

සාලිය පීරිස් ජනාධිපති ධූරයට ?

පුවත්

විදෙස්

තමා කිසිදු දේශපාලන තනතුරකට පත්වීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ආණ්ඩුකාරවරු තිදෙනකු ව මෛත්‍රී ගුණරත්න, අසාද් සාලි සහ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් සාලිය පීරිස් ජනාධිපතිධූරයට පත්කරන්න යැයි කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඔහු පවසන්නේ පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකා නිතිඥ සංගමය රටට අත්‍යාවශ්‍ය වැදගත් කාර්යයන්ට දායක වූ බවයි. එවැනි තීරණාත්මක මැදිහත්වීම් සහ කාර්යයන් දිගමට කරගෙන යාම නීතිඥ සංග‍මයේත් තමන්ගේත් අරමුණ බැවින් තම වෘත්තීය කටුයතුවලින් සෑහීමකට පත්වන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කරයි.

නීතිඥ සංගමය විසින් සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට සහ අරගලයේ යෙදී සිටින කණ්ඩායම්වලට ද දේශපාලන සහ ආර්ථිික අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසන්නේ එම යෝජනාවලිය දේශපාලනයේ යෙදී සිටින පිරිස් විසින් ක්‍රියාත්මක කළ යුතු අතර තමන් ඇතුළු නීතිඥ සංගමයත්, සියලු නීති වෘත්තිකයනුත් යහපත් කාර්යයන් සඳහා උපරිම සහයෝගය දෙන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!