spot_img
spot_imgspot_img

ගෝඨාභය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන යොදලා. නිල ප්‍රකාශය හෙට

පුවත්

විදෙස්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සකස්කර එයට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

හෙට (13) දිනැතිව මෙම ලිපිය අත්සන් තබා ඇති බව ද ඔහුගේ සමීපතමයන් විසින් තහවුරු කර ඇත. මෙම ලිපිය කතානායකවරයාට යැවීමෙන් පසු ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

දැනට ඇති දේශපාලන සූදානම අනුව කතානයකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. දැනටමත් කතානායක නිල නිවාසයට ජනාධිපතිවරයකුට අවශ්‍ය ආරක්ෂාව ලබා දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!