spot_img
spot_imgspot_img

ජනාධිපති රටින් පිටව ගිය බව කතානායක තහවරු කරයි

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ශ්‍රී ලංකාවේ නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන BBC ආයතනය සමඟ පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ වනවිට ආසන්න රටක රැඳී සිටින බවත්, ඔහු 13 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ජනාධිපතිවරයා විදේශ රටකට ගිය බව කිසිදු නිල දැනුම් දීමක් මෙතෙක් සිදුකර තිබුණේ නැත. එමෙන් ම ඔහු මේ දක්වා ම ගුවන් තොටුපොළකින් හෝ වරායකින් නිල ක්‍රමවේදයකට පිට වූ බවක් ද දැනගන්නට නැත.

කෙසේ වෙතත් පසුගිය09 වැනි දා අරගලය අතරතුර කොළඹ වරායෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකකින් කිසියම් පිරිසක් පිටව ගිය අතර කටුනායක ගුවන් තොටුපො‍ළ දෙසට ගිය ගුවන් හමුදා ප්‍රභූ රථ පෙළකින් ජනාධිපතිවරයා රටින් පිටවූ බව ද වාර්තා විය. අද (11) ත්‍රිකුණාමලයෙන් හෙලිකොප්ටර් යානා දෙකකින් ඔහු පිටව ගිය බවට ද වාර්තා පළවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ශ්‍රී ලංකාවේ නොමැති බව කතානායකවරයා තහවුරු කර තිබේ.

අද උදෑසන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ නිල දැනුම් දීම් සියල්ල කතානායකවරයා හරහා පමණක් සිදුකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!