spot_img
spot_imgspot_img

ආණ්ඩුව පළවාහරින “ගාලු විරෝධය” හෙට

පුවත්

විදෙස්

අසමත් පාලකයා සහ අසමත් ආණ්ඩුව පළවාහැරීමේ උද්ඝෝෂණ මාලාවේ “ගාලු විරෝධය” හෙට ගාල්ලේ දී පැවැත්වේව

මර්ධනයට එරෙහිව පෙළගැසුණු ගාලු නීතිඥයන්ගේ මැදිහත්වීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු සිවිල් සංවිධාන, දේශපාලන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන, ව්‍යාපාරික එකමුතුව ඒකාබද්ධව මෙම විරෝධතාව පවත්වනු ලැබේ.

“ගාලු විරෝධය” නමින් නම්කර ඇති මෙම විරෝධතාව හෙට දහවල් 12.00ට කරාපිටිය ශික්ෂණ රෝහල අසළින් ආරම්භ වන අතර එතැන් සිට පා ගමනින් ගාල්ල නගරය දක්වා පැමිණීමට නියමිතය.

සංවිධායකයන් පවසන්නේ කරාපිටිය, බෙලිගහ, ජූල්ගහ දක්වා පැමිණ වක්වැල්ල පාර දිගේ ගාල්ල නගරයට විරෝධතා පාගමන පැවැත්වෙන බවයි.

මෙම විරෝධතාව සඳහා සංවිධාන, කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ ඇතුළු බහුජන සංවිධාන 27ක් සිය සහය ලබාදෙන බව සඳහන් කර ඇති අතර ඔවුන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සංවිධායකයෝ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!