spot_img
spot_imgspot_img

කොටුවේ විරෝධතාවට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ගනී

පුවත්

විදෙස්

කොළඹ දී අද (07) පැවැත්වීමට නියමිත විරෝධතාවට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරයන්, ගුරු විදුහල්පතිවරයු ඇතුළු පුද්ගලයන් පිරිසකට ඕල්‍කට් මාවතට ඇතුළුවීම හා පිටකොටුව ආශ්‍රිත වෙනත් ස්ථානයක රැඳීසිටිමින් ජනතාවට අවහිරයක් වන ලෙස කටයුතු කිරීම වළක්වාලමින් මේ නියෝගය ගත් බව පොලිසිය කියයි.

අද (07) පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතාවයක් පිළිබඳ පිටකොටුව ‍ොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව කරුණු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පාහියන්ගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සභාපති උලපනේ සුමංගල හිමි, භූමිි මාතා මනුසත් පදනමේ නිර්මාතෘ කළුබෝවිල පදුම හිමි ඇතුළු විරෝධතාවට සහභාගීවන පිරිස් සඳහා මෙම නියෝගය නිකුත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පිටකොටුව පොලිස් වසමේ රැඳී සිටිමින් මහජනතාවට, වාහනවලට සහ මාර්ගය දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් ගමන් කිරීමට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!