spot_img
spot_imgspot_img

තංගල්ලේ දී මුහුදු රළට හසුවූ කාරයක් අතුරුදන්. කුඩා දරුවකු ඇතුළු තිදෙනකු රෝහලේ

පුවත්

විදෙස්

තංගල්ල කුඩාවැල්ලේ දී මුහුදු රළ හේතුවෙන් කාරයක් මුහුදට පෙරැළී ඇතැයි ද එහි ගමන් ගත් 06 දෙනාගේ ජීවිත බේරාගත්ත ද කාරය සොයාගත නොහැකි යැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුර පත්ව ඇත්තේ අද (02) සිය විවාහය ලියාපදිංචි කළ ඉංජිනේරුවකු සහ ඥාතීන් පිරිසකි. ඒ අතර වෛද්‍යවරයකු ද සිටියි.

විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මුහුද නැරඹීම සඳහා සවස 5.30ට පමණ කුඩාවැල්ලේ දියකඩනය මතින් මුහුද දෙසට ඔවුන් එම රථයේ ගමන් කරමින් සිටිය දී අඩි කිහිපයක් උසැති රළ පහර හසු වී කාරය දිකඩන බැමි දෙක අතර මුහුදට පෙරැළී ඇත. දියකඩනය හේතුවෙන් එම ස්ථානයේ රළ දරුණු නොවීම නිසා කාරයේ සිටි අය එළියට පැනගෙන ඇතත් ඔවුන් සමඟ සිටි කුඩා දරුවකු මේ වනවිට මාතර රෝහලට ඇතුළත් කර ඇත. විවාහය ලියාපදිංචි කළ ඉංජිනේරුවා සහ වෛද්‍යවරයා ද නාකුළුගමුව රෝහලට ඇතුළත් කර සිටිති.

එම ස්ථානයේ සිටින පිරිස් පවසන්නේ මේ වනවිට දියකඩන දෙක අතර මුහුදට වැටුණු කාරය සොයාගැනීමට නොහැකි බවයි. එය සෙවීමට පොලිසිය, නාවික හමුදාව සහ ධීවරයෝ වෙහෙසෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!