spot_img
spot_imgspot_img

රනිල් කියූ බොරුවක් FactCheck.lk හෙළිකරයි. ඡන්ද තියන්න බැරි නෑ

පුවත්

විදෙස්

ශ්‍රී ලකාවේ ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකියැයි අගමැති  රනිල් වික්‍රමසිංහ ඩේලිනිවුස් පුවත්පතට කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් අගමැතිවරයා සාවද්‍ය කරුණු දක්වා ඇති බවත් FactCheck.lk  විසින් කරන ලද විමර්ශනයක දී අනාවරණය වී තිබේ.

මේ අවස්ථාවේ දී ඡන්දයකට යා නොහැකි යැයි අගමැතිවරයා පවසන්නේ කරණු දෙකක් ඉදිරිපත් කරමිනි. එහි දී රජයට විශාල වියදමක් දැරීමට සිදුවන බවත් එමගින් ආර්ථිකය මත අහිතකර බලපෑමක් ඇතිවන බවත් ඔහු පවසයි.

2020 වර්ෂයේ පැවැත්වූ මැතිවරණයේ දී රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත් දැන් මැතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අගමැතිවරයා පවසා තිබිණි.

මේ පිළිබඳ FactCheck.lk  මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරන වාර්ෂිික කාර්ය සාධන වාර්තා සහ පරිපාලන වාර්තා පරිශීලනය කරමින් සොයාබැලීමක් කර තිබිණි.

එහි දැක්වේනනේ 2020 අගෝස්තු 05 පැවති මැතිවරණයේ මුළු වියදම බිලියන 5.7ක් බවයි. අගමැතිවරයා මාධ්‍යයට එය 10ක් ලෙස සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබේ.

එම මැතිවරණයේ දී කොරෝනා ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ බැවින් සාමාන්‍ය මැතිවරණයකට වඩා වියදම් අධික වූ මැතිවරණයකි. එබැවින් නැවත මැතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා රුපියල් බිලියන 20ක් වැය වෙන්නේ යැයි පැවසීම ද මුසාවකි. එය පසුගිය මැතිවරණයට ගිය වියදම මෙන් 04 ගුණයකි.  

අගමැතිවරයා පවසන්නේ මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ වියද ම ද රුපියල් බිලියන 30-40 ක් පමණ විය හැකි බවයි. අගමැතිවරයා පවසන්නේ එය ආර්ථිකයකට අහිතකර බලපෑමක් ලෙස වුව ද සැබැවින් ම එය එසේ නොවේ. අපේක්ෂකයන් විසින් තමන් සන්තකයේ තබාගෙන ඇති මුදල් මෙම කාලයේ දී භාවිතා කිරීම තුළින් ආර්ථිකයට යම් උත්තේජනයක් සිදු වෙයි. ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වෙයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළ සේවාවන් සපයන පුද්ගලයින්ට සහ ආයතනවලට ඉන් ප්‍රතිලාභයක් අත් වේ. රාජ්‍ය ආදායමට ද ඉන් ප්‍රතිලාභ ලැබේ. දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති යටතේ අපේක්ෂිත බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් පමණ වනු ඇත.

අගමැතිවරයා පවසන පරිදි ප්‍රචාරණ කටයුතු සඳහා අගමැතිවරයා පවසන පරිදි අපේක්ෂකයන් රුපියල් බිලියන 30-40ක් වියදම් කරන්නේ නම් අතිරේක බදු වශයෙන් රජයට හිමිවන ආදායම ඉන් අඩක් ලෙස සැළකුව ද රජයට රුපියල් බිලියන 02ක පමණ අමතර බදු ආදායමක් හිමිවෙයි. මෙය ආර්ථිකය මත ඇතිකරන බලපෑම අහිතකර නැත හිතකර බව ද FactCheck.lk   විමර්ශනය පෙන්වා දෙයි.

මේ අනුව, මෙම කරුණු දෙකම සැලකීමේදී ඒ පිළිබඳ නිවැරදි ඇගයීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් කිසිසේත් පිළිබිඹු නොවේ.
එබැවින්, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය මුළුමනින් ම වැරදියි යනුවෙන් FactCheck.lk වර්ගීකරණය කර ඇත.
FactCheck.lk මේ සම්බන්ධයෙන් පළ කර ඇති සම්පූර්ණ වාර්තාව මෙතැනින්

මූලාශ්‍රය


2022 අයවැය කමිටු රැස්වීමේදී ඉදිරිපත් කිරීමට සම්පාදනය කරන ලද මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව මෙතැනින්.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් සම්පාදිත 2020 මැතිවරණය පිළිබඳ අවසන් වාර්තාව මෙතැනින්
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2021:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!