spot_img
spot_imgspot_img

පොලිස් ලොක්කෝ ගමේ ම බින්නබැහැලා. අපරාධ වැඩිවෙලා

පුවත්

විදෙස්

නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ විශාල වගකීමක් ඇති පොලිස් ස්ථානාධිපතිවරු සහ අංශභාර ස්ථානාධිපතිවරු 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශයේ ම බව මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත බාරදී ඇති අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත.

තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව 44ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 7.2%කි.

තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන ස්ථානාධිපති හෝ අංශභාර ස්ථානාධිපති තනතුරු දරන වැඩි පිරිසක් සිටින්නේ මන්නාරම පොලිස් කොට්ඨාශයයේය. එසේම තම යාබද වසම තුළ ස්ථිරව පදිංචිව සිටිමින් රාජකාරී කරන පොලිස් ස්ථානාධිපති අංශභාර ස්ථානාධිපතිවරුන් වැඩි පිරිසක් මන්නාරම සහ මාතර පොලිස් කොට්ටාස වල සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම අධ්‍යයන වාර්තාව මගින් අනාවරණය වන තවත් වැදගත් කරුණක් වන්නේ තමන් පදිංචි ප්‍රදේශයේම පොලිසිවල සේවය කරන ස්ථානාධිපතිවරු සහ යාබද ප්‍රදේශවල සේවය කරන ස්ථානාධිපතිවරු සිටින පොලිසිවල අනෙක් පොලිසිවලට සාපේක්ෂව අපරාධ වැඩි බවයි. එම වාර්තාව අනුව ඊට හොඳම නිදසුනක් සපයා ඇත්තේ අනුරාධපුර කොට්ඨාසයෙනි.

පසුගිය ආසන්න වසර තුනක දිවයිනේ වැඩිම අපරාධ වාර්තා වූ පොලිස් කොට්ඨාශය ලෙස හඳුනාගෙන ඇත්තේද අනුරාධපුරයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් තමන් පදිංචි පොලිස් වසමේම රාජකාරී කිරීමෙන් පක්ෂග්‍රාහීව ක්‍රියාකිරීම කාර්ය සාධනය අවප්‍රමාණය වීම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට පසුබට වීම ඥාති සංග්‍රහය සඳහා පෙළඹවීම වැනි ගැටලු රැසක් මතුවී තිබෙන බව එම අධ්‍යයනයේදී අනාවරණය වී ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය කර කරනු ලැබ ඇත්තේ උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!