spot_img
spot_imgspot_img

සාමාන්‍ය පෙළ පිළිතුරු පරීක්ෂාව දින නියමයක් නැතිව කල් යයි

පුවත්

විදෙස්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමෙ ්දවෙැනි අදියර ආරම්භ කරන දිනය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි යැයි විභාග කොමසාරිස් ජනරාල් එම්.ඩී.ධර්මසේන පවසයි.

උද්ගත වී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා පැමිණෙන ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් සලසාගත නොහැකිවීම නිසා පසුගිය 30 වැනි දා ආරම්භ වීමට නියමිතව තිබූ ඇගයීම් දෙවැනි අදියර මෙතෙක් ආරම්භ කර නැත.

පළමු අදියරේ ඇගයීම් කටයුතු දැඩි දුෂ්කරතා මැද අවසන් කිරීමට සිදුවූ බව ද විභාග කොමසාරිස් ජනරාල් පවසයි.

ඔහු පවසන්නේ ඉන්ධන අර්බුදය තරමක් දුරට හෝ විසඳා ගත හැකි වූ පසු විභාග ඇගයීම් කටයුතු ආරම්භ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!