spot_img
spot_imgspot_img

“මාධ්‍ය රට කෑවා” කියමින් පිරිසක් මාධ්‍යවේදීන්ට බැන වදිති (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ.

උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස පවසන්නේ රට සහ තමන් මේ තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ද වගකිව යුතු බවයි.

කැලණියේ නයි පෙන්නමින්, සංඝයා වහන්සේලා උලුප්පා දක්වමින් ජාතිවාදය වපුරා, ධම්මික පැණිය ඔසවා තබමින් රට විනාශ කළේ මාධ්‍ය ආයතන බව ද ඔවුහු චෝදනා කරති.

උදෑසන පත්තර කියවන වැඩසටහන් මෙහෙයවන නිවේදකයන්ගේ ඡායාරූප පවා පෙන්නමින් ඔවුන් මාද්‍යවේදින්ට පවසන්නේ රස්සාවක් කළාට මෙවැනි දේ නොකළ යුතු බවයි.

ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය දැන් කෙසෙල් බඩ කෑමට උගන්වන බවත් කලින් රට ස්වයංපෝෂිත කිරීමට යැයි කියමින් ජනතාව නොමඟ යැවූ බවත් ඔවුහු චෝදනා කරති.

මෙම විරෝධය එල්ල වී ඇත්තේ පසුගිය දා සමගි ජන බලවේගය මගින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අතරතුර දී ය.

එහි සිටි උද්ඝෝෂකයන් පවසන්නේ නයි පෙන්නූ, ජාතිවාදය වැපිරූ, ධම්මික පැණිය ඔසවාගෙන ආ නාලිකා කිසිදා ජනතාවගේ පැත්තේ නැති බවයි. ඔවුන් ආණ්ඩුවේ දේශපාලකයන්ගේ අතකොළු බවත් ඔවුහු කියති.

එම සම්පූර්ණ වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!