spot_img
spot_imgspot_img

ජනතා අයිතියට අළගු තැබූ, ගාල්ලේ පොලිස් ලොක්කන්ට විරුද්ධව පැමිණිලි 30ක්

පුවත්

විදෙස්

සාපරාධී බලහත්කාරය පෑම, අයුතු අවහිරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මානව අයිතීන්වන යාමේ ඒමේ නිදහසට සහ භාෂණයේ නිදහසට අවහිර කිරීම යන කරුණු හේතුවෙන් ගාල්ලේ පොලිස් ලොක්කන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි පවසමින් නීතිඥයන් සහ සිවිල් පුරවැසියන් විසින් පොලිසියට අද (01) පැමිණිලි 30ක් ගොනුකරනු ලැබ ඇත.

නීතිඥයන් 21 දෙනකු විසින් වෙන වෙන ම පැමිණිලි 21ක් ඉදිරිපත් කර ඇති අතර සිවිල් පුරවැසියන් 09 දෙනකු ද එවැනිම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඔවුන් පවසන්නේ සාමාන්‍ය පොදු ජනතාවට නිදහසේ සැරි සැරීමට ඇති ගාලු කොටු පවුරමතට සහ රජයේ ආයතනයක් වූ මාර්ග සංවර්ධන අධිකාරියට ජනතාවට ඇතුළුවීම වළක්වමින් අද (01) උදෑසන පොලිසිය තමන්ට සාපරාධී බලහත්කාරය පෑ බවයි. එමෙන් ම අයුතු අවහිරයක් කළ බව ද මෙම පැමිණිලිවල සඳහන් වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ සියලු පුරවැසියන්ට නිදහසේ යාමේ ඒමේ අයිතිය හිමිකර දි ඇති බවත් භාෂණයේ නිදහස හිමිකර දී ඇති බවත් නමුත් ‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසය තමන්ට හිමි එම මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කළ බවත් මෙම පැමිණිලිකරුවෝ කියති.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙ‍රේරා, පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා සහ පොලිස් පරීක්ෂක වසන්ත යන නිලධාරින්ට විරුද්ධව ඔවුන් මෙම පැමිණිලි ගොනුකර ඇත.

පැමිණිලිකරුවන් වෙනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ මෙ‍සේ කීවේය.

“අපි අද උදෑසන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතන්නත් ඒ වගේ ම රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නත් බලාපොරොත්තුවෙන් ගාල්ල කොටු පවුර මතට ගමන් කරද්දී පොලිසියට අ‍පේ ගමනට බාධා කළා. අපිට එම ස්ථාානයට යන්න නොදී අපේ යාමේ ඊමේ නිදහස වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් අපිට අහිමි කළා. මෙය බරපතල මානව හිමිකම් උල්ලංඝනයක්. ඒ නිසා මේ සිද්ධියට විරුද්ධව නීතිඥයන් කණ්ඩායමක් සහ සිවිල් පුරවැසියන් පිරිසක් අද පෙපාලිසියට පැමිණිලි භාර දුන්නා. අපි ඉල්ලා සිටිනවා අදාල වැරදි කළ නිළධාරීන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේ ම අපි මේ සම්බන්ධයෙන් සියලු අධිිකරණවලට දැනුම් දී ශ්‍රේෂ්ඨාධිකරණයටත් මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කරනවා.”

මේ පිළිබඳ ගාල්ල මූලස්ථාන පොලිසියෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ පැමිණිල කිහිපයක් ලැබී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!