spot_img
spot_imgspot_img

යුද හමුදාව ගාල්ලේ දී මානව අයිතිය උල්ලංඝනය කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පුවත්

විදෙස්

ගාල්ල කොටුව මත සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටිය දී ආයුධ රැගත් යුද හමුදා සෙබළු පැමිණ එම විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරීමට එරෙහිව අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය.

මෙම පෙත්සම ගොනුකරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහ නිතිඥ අමරදිවාකර ලියානරච්චි යන දෙදෙනා විසිනි.

මූලිික අයිතිවාසිකම් කඩවීම හේතුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ගාලුකොටුව ගැමුණු හේවා බලඇණිය භාර අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අසේල විජයරත්න ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

ඊයේ (30)  ගාල්ල කොටුව මත පැවති උද්ඝෝෂණයට පැමිණි සන්නද්ධ යුධ හමුදා සාමාජිකයින් පිරිසක් එම රැළියේ සිටි උද්ඝෝෂණකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැර ඇති බවත් එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරුවෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!