spot_img
spot_imgspot_img

දුම්රියට ටිකට් නොදෙයි. මගීන්ට ටිකට් නැතිව යාමේ අවස්ථාව ලැබෙයි

පුවත්

විදෙස්

දුම්රිය ධාවනය  ගැන ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බැවින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත්ව සිටිති. එබැවින් මේ වනවිට දුම්රිය ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කිරීමේ අවස්ථාව මගීන්ට උදා වී ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර කියා සිටියේ දුම්රිය සාමාන්‍යපරිදි ධාවනය වනවා යැයි රජය කීව ද එලෙස සිදුනොවන බවයි.

දුම්රිය නියාමකයන්, ස්ථානාධිපතිවරුන් සහ රියදුරන් ඇතුළු සේවකයන්ට ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවයට වාර්තා කිරීමේ ගැටලු ඇතිවන බැවින් දුම්රිය ගමන්වාර කිහිපයක් හිටි හැටියේ අවලංගුවන බව  ද චාමර පවසයි.

එවැනි අවස්ථාවල දී දුම්රිය මගීන් කළහකාරී ලෙස හැසිරෙන විට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැටලුවක් බවත් එබැවින් මෙලෙස සේවයෙන් ඉවත්වීමට තීරනය කළ බවත් හෙතෙම වැඩිදුරත් කියා සිටියයේ.

ඔවුන් පවසන්නේ දුම්රියෙන් ගමන් කිරීම සඳහා ප්‍රවේශපත්‍ර මිල දී ගෙන සිටිය දී එම දුම්රිය නැතැයි දැනුම්දුන් විට ඇතිවන කේන්තිය සාධාරණ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!