spot_img
spot_imgspot_img

මිතුරාගේ නිවසේ අඹ කැඩූ සාජන් මේජර් විදුලි සැර වැදී මරුට

පුවත්

විදෙස්

යුද හමුදාවේ සැරයන් මේජර්වරයකු සිය මිතුරකුගේ නිවසේ අඹ කඩමින් සිටියදී  විදුලිසැර වැදී මියගොස් ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එදිරිමුණි දේවයලාගේ අජන්ත රෝහණ නමැති 46 හැවිරිදි දෙදරු පියෙකි. ඔහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 03 වැනි සංඥා බළකායට අනුයුක්තව දියතලාව පුහුණු මධ්‍යස්ථානයේ සේවය කර ඇත. ‍පොලිසිය පවසන්නේ බණ්ඩාරවවෙළ මකුල්ඇල්ල, මිහිරන්වත්ත ප්‍රදේශයේ පදිංචි ඔහු ගිරිඋල්ලේ හමන්ගල්ල ප්‍රදේශයේ මිතුරකුගේ නිවසට පැමිණ සිටියදී අනතුරට ලක්ව ඇති බවයි.

මිතුරාගේ නිවසේ ගෙවත්තේ ඇති අඹ ගසක ගෙඩි කැඩීමට ගසට නැග කෙක්කක් භාවිතා කර තිබේ. එම කෙක්ක ඒ අසළින් ගමන් කරන අධි බලැති විදුලි රැහැනක ගැටීමත් සමඟ ඔහු බිමට වැටීමෙන් බරපතල තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පවසන්නේ ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!