spot_img
spot_imgspot_img

“ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ බොරු” – අරගලකරුවන්ගෙන් චෝදනාවක්

පුවත්

විදෙස්

අරගල‍යේ නිරත තරුණ නියෝජිතයන් පිරිසක් සහ වෘත්තීයවේදීන් පරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත්කළ බවට ජනාධිපති මාධ්‍ය අංශ විසින් නිකුත්කළ නිවේදනය බොරුවක් යැයි අරගලයේ යෙදී සිටින පාර්ශව කියයි.

මේ සම්බන්ධයෙන් Black Cap Movement අද (02) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගාලු මුවදොර පමණක් නොව රට වටා ඇති ගෝඨාගෝ ගම්මානවලින් හෝ එවැනි කිසිදු නියෝජිතයකු ජනාධිපති හමුවී නැති බවයි. එසේ හමු වූවා යැයි පවසන අයකු වේ නම් ඒ අරගලබිමේ පාර්ශවකු නොවන බව ද අරගලයේ පාර්ශවකරුවකු වන Black Cap Movement අවධාරණය කරයි.

මේ වනවිට රට මුහුණ පා සිටින ආර්ථිික සහ දේශපාලන අර්බුදයේ නිර්මාණකරුවන් වන රාජපක්ෂ රෙජීමය සමඟ සාකච්ඡාවක් අරගලකරුවන් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සමස්ත රාජපක්ෂ රෙජීමය ට ම අරගල බිමෙන් ලබාදෙන එකම පණිවිඩය වන්නේ හැකි ඉක්මණින් ඉල්ලා අස්වන ලෙස පමණක් බවත් එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි. ඒ බව අරගලයට දින 50ක් සම්පූර්ණ වූ අප්‍රේල්ල 28 වැනි දා ජනතා ආඥාවක්  ලෙස ප්‍රසිද්ධියට පත්කර ඇතැයි ද ඔවුන් කියයි.

අරගලකරුවන් ලෙස තමන්ගේ ම නි‍යෝජිතයන් පිරිසක් ව්‍යාජ ලෙස යොදාගනිමින් සාකච්ඡා පැවැත්වූ බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ද සුපුරුදු රැවටිල්ලේ එක් අංගයක් බව ද Black Cap Movement හි සම කැඳවුම්කරුවන් වන විමුක්ති දුෂාන්ත සහ චමීර දේදදුවගේ ඇතුළු පිරිස කියති.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ

“ආණ්ඩුවේ විවිධ කූඨෝපායන්ට අප රැවටෙන්නේ නැත. මීට පෙර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද, කළේ අරගලකරුවන්ගේ නායකයන් සොයාගැනීමේ අරමුණින් එම උපාය ම පාවිච්චි කළ අතර, අවසානයේ මහින්ද රාජපක්ෂට අපකීර්තිමත් ලෙස ගෙදර යාමට සිදු වූ අයුරු ද අපි මේ මොහොතේ ගෝඨාභය ජනාධිපතිවරයාට සිහිපත් කරමු. ගෝඨාභය ජනපතිවරයා ප්‍රමුඛ සමස්ත රාජපක්ෂ රෙජීමයෙන් අරගලකරුවන් අපේක්ෂා කරන්නේ සාකච්ඡා නොව හැකි ඉක්මණින් ඉල්ලා අස්වී ගෙදර යාම බව ද, එය ඉටුවන තුරු අරගලකරුවන් වන අප නොනවතින බව ද අපි සිහිපත් කරමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!