spot_img
spot_imgspot_img

අමානා තකාෆුල් රක්ෂණ සමාගම, අභියෝග කාලයේ ඉහළ වර්ධනයක් අත්කර ගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තකාෆුල් රක්‍ෂණ සේවා සැපයුම්කරු වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, 2022 පළමු කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය හා වර්ධනයක් අත්කරගත් බව පසුගියදා වාර්තා කරන ලද අතර, එම කාර්තුව තුළ පසුගිය දෙවසර සාපේක්ෂව 42%ක වේගවයත් වර්ධනයක් සමඟින් සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන (Gross Written Premium – GWP) ආදායම රුපියල් මිලියන 889 ක් වාර්තා කළේය. මෙය 2021 වසර පුරාවට සමාගම විසින් හිමිකරගත් තාරක වර්ධනය හේතුවෙන් ඇතිකරගත් ජයග්‍රහණයක් වන අතර, එහිදී අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, ග්ලෝබල් ඉකොනොමික්ස් මඟින් පිරිනමනු ලැබූ “ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම” සඳහා වන සම්මානය ද ඇතුලුව ස්ථාවර සහ වේගවත් වර්ධනයක් හිමිකර ගැනීම සඳහා වන සම්මාන කිහිපයක් දිනාගැනීමටද සමත් විය.

පසුගිය දෙවසර සාපේක්ෂව 2022 වර්ෂයේ පළමු කාර්තුව තුළ අත්කරගත් 42%ක වර්ධනය, 2021 වසරේ පළමු කාර්තුව හා සැසැඳීමේදී 27%කට අධික වර්ධනයක් වාර්තා කිරීමක් වන අතර, මෙමඟින් පසුගිය වසර දෙකක කාලය තුළ සමාගමක් විදිහට අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සුවිසල් වර්ධනයන් මෙමඟින් සනිටුහන් කරනු ලබයි. තවද දේශීය රක්ෂණ කර්මාන්තය තුළ ඉහළ සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත්  වීම ද අමානා තකාෆුල් හි විශිෂ්ඨත්වය මැනවින් සනාථ කරනු ලබන්නකි.

අමානා තකාෆුල් හි 2022 වසරේ පළමු කාර්තුව තුළ මෝටර් රථ රක්ෂණ අංශයේ සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධනය 50%ක ප්‍රමාණයකින් ඉහළ ගිය අතර, මෝටර් නොවන අංශයේ සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධනය 34%ක වර්ධනයන් සනිටුහන් කලේය. මෙහිදී මෝටර් නොවන කාණ්ඩයේ, වෛද්‍ය, නාවුක සහ ගිනි සහ ඉංජිනේරු රක්ෂණය පිළිවෙළින් 47%, 18% සහ 12% සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන වර්ධන ප්‍රතිශතයක් වාර්තා කර ඇත. මෙලෙස රක්ෂණ ක්ෂේත්‍රයේ සෑම අංශයකම පාහේ වර්ධනයක් ඇතිකරගනිමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් අත්කරගත මෙම අද්විතීය ජයග්‍රහණ එහි අද්විතීය සහ ජනතා හිතකාමී තකාෆුල් රක්ෂණ විසඳුම් සඳහා වූ මනා සාක්ෂියක්ද වේ.

සමාගමේ මෙම සුවිශේෂී කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් පැවසූයේ, “2021 වසර අපට විශිෂ්ඨ වසරක් වුනා වගේම මේ වසරේ පළමු කාර්තුවේ හිමිකරගත් ප්‍රතිඵලත් එක්ක අපට මේ වසරේදීත් එම අපේක්ෂාවන් ඇතිකර ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් 2021 වසරේ ජනවාරි මාසය තුළ නැවුම් වූ අනන්‍යතාවයක් සහිතව අපගේ මෙහෙයුම් කාර්යයන් දියත් කිරීමෙන් පසුව පසුගිය කාර්තු දෙක තුළ ඉහළම සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන ප්‍රතිශතයක් වාර්තා කිරීමට අපට හැකිවුනා. ඒ වගේම 2021 වසරේ සිට අප රක්ෂණ කර්මාන්තය තුළ ශක්තිමත් වර්ධන අනුපාතයක් ඇතිකර ගනිමින් ඉහළින්ම සිටීමට හැකිවීම අපේ කොටස් වෙ‍ෙළඳපොළ ඉල්ලුම වර්ධනය කිරීමටත් සමත්වූ බව සදහන් කරන්නේ ඉතාමත් සතුටින්. මීට අමතරව මෝටර් රථ රක්‍ෂණ අංශය වෙනුවෙන් අප කරනු ලැබූ කාර්යයන්ද සාර්ථකත්වය පවත් ඇති අතර, එහිදී 50% ක තාරක වර්ධනයක් ලබා ගැනීමට සමත් වී තිබීමත් සුවිශේෂ තත්වයක්. ඒ නිසා ඉදිරියේදී මේ අංශය අපගේ උපායමාර්ගික කාර්යයේ තීරණාත්මක අංශයක් වනු ඇත.”

එමෙන්ම 2021 වසරේදී අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සිය ශාඛා ජාලය හරහා බෙදාහැරීමේ උපාය මාර්ග අංශයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ කාර්යයක් සිදු කලේය. මෙහි ධනාත්මක ප්‍රතිඵල අත්කර දෙමින් මෙම කාර්තුව සඳහා ශාඛා ජාලය 22% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වු අතර, 2022 මාර්තු මාසයේදී සමාගමේ සර්වකාලීන විකුණුම් වාර්තාවක් පවා තැබීමට සමත් විය. මෙම ධනාත්මක සංවර්ධන කාර්යය සම්බන්ධයෙන් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා විකුණුම් බෙදාහැරීම්) සකීර් කනකා මහතා අදහස් දක්වමින් පැවසූයේ, “අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වයක් තුළ වුවන් 2022 වසරේ පළමු කාර්තුව තළදී අපට ව්‍යාපාරික කාණ්ඩ තුන (මෝටර්, මෝටර් නොවන සහ වෛද්‍ය) යටතේම සැළකිය යුතු වර්ධණයක් අත්කර ගැනීමට හැකිවුනා. මේ ජයග්‍රහනයට අපගේ අළෙවි කණ්ඩායම සිදුකළ ඵලදායිතා වර්ධනය සහ සම්පත් ප්‍රශස්ථකරණය බෙහෙවින් ඉවහල්වුනා. විශේෂයෙන් මේ අභියෝගාත්මක කාල සීමාවේ මෙම ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ගැනීමට අපගේ සමස්ත අළෙවි බලකාය සහ මෙහෙයුම් කණ්ඩායම සිදුකළ කැපවීම සිහිපත් කළයුතුයි.”

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන තකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා තකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා තකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

ප්‍රධාන විධායක නිලධාරි ෂෙහාන් ෆයිසාල්
සාමාන්‍යාධිකාරී නෟෂාඩ් කාසීම්

සහකාර සාමාන්‍යාධිකාර (ශාඛා විකුණුම්) ෂකීර් කනකා
ප්‍රධාන විකුණුම් නිලධාරී සුරේෂ් බස්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!