spot_img
spot_imgspot_img

තම දුක කියන්න, මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කාලය කෑ හැටි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් තම නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තෝරාපත්කර යවනු ලබන මන්ත්‍රීවරු 225 දෙනා සිය වගකීම නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න පිළිබඳ විශ්ලේෂණයක් සිදුකරන්නේ කලාතුරකිනි.

මේ වනවිට දැඩි ආර්ථික සහ දේශපාලනික අර්බුදයක ගිලී ඇති ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමේ වගකීම එම මහජන නියෝජිතවරුන් විසින් ඉටුකරන්නේ ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

පසුගිය මැයි මාසයේ 17 වැනි දා සිට 20 වැනි දා දක්වා දින 04ක් පාර්ලිමේන්තුව රැස්වූ අතර එම කාලයේ දී මන්ත්‍රීවරු රැසක් කාලය වෙන්කර ගනිමින් විවිධ මාතෘකා ඔස්සේ කතා පැවැත්වූහ. නමුත් ජනතාව කියා සිටියේ ඔවුන් වැඩකට නැති ආකාරයෙන් කාලය කා දමන බවයි.

එබැවින් manthri.lk බෙව් අඩවිය පාර්ලිමේන්තුවේ එම දින 04ක කාලයේ දී මන්ත්‍රීවරුන් සාකච්ඡා කළ කරුණු විශ්ලේෂණය කරමින් ඔවුන් කොතරම් කාලයක් විවිධ මාතෘකා සඳහා වෙන්කර ඇත්ද යන්න පිළිබඳ විශ්ලේෂණයක් කර තිබේ

රුපියල් ‍කෝටි 04කට වඩා වියදම් කරමින් රැස්වූ එම දිනයේ දී පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය පැය 27ක් සහ මිනිත්තු 46කි. එහි දී මන්ත්‍රීවරු කතා කිරීමට කාලය ගත කර ඇත්තේ මේ ආකාරයෙනි

මැයි 09 වැනි දා ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු තමන් වින්දිතයන් බව කීමට – සම්පූර්ණ කාලයෙන් 45% (පැය 12 මිනිත්තු 24යි)

ආර්ථික අර්බුදය ගැන කතා කිරීමට – සම්පූර්ණ කාලයෙන් 34% (පැය 09යි මිනිත්තු 32යි)

වෙනත් කාරණා සම්බන්ධයෙන් – සම්පූර්ණ කාලයෙන් 10%

නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමට – සම්පූර්ණ කාලයෙන් 08%

ජනාධිපතිවරයාට එරෙහි යෝජනාවට – 03%

ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර ඇති කාරණා දෙක සඳහා ඒ ඒ පක්ෂවලින් ගතකර ඇති කාලය

  1. මැයි මස 09 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් (බහුතර මන්ත්‍රීවරු තමන් වින්දිතයන් ලෙස) සාකච්ඡා කිරීම

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැය 06

සමගි ජන බලවේගය පැය 01යි විනාඩි 5යි

2. ආර්ථික අර්බුදය ගැන සාකච්ඡා කිරීමට ගත කර තිබෙන කාලය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැය 03යි මිනින්තු 33

සමගි ජන බලවේගය පැය 05යිි මිනිත්තු 03යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!