spot_img
spot_imgspot_img

“රාජපක්ෂවරු ඉල්ලා අස්වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ” ගෝඨාගෝගම අරගලකරුවෝ කියති

පුවත්

විදෙස්

ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයේ යෙදී සිටින පිරිස සමඟ තමන් සාකාච්ඡා කිරීමට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසුව ද රාජපක්ෂවරු සියලු තනතුරුවලින් ඉවත්වන තුරු කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් නැතැයි ගෝටාගෝගම අරගලකරුවෝ ප්‍රකාශ කරති.

පසුගිය 09 වැනි දා ආරම්භ වූ මෙම අරගලය අද (13) වනවිට 05 වැනි දිනයටත් පිවිස තිබේ. පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කරමින් තරුණ තරුණියන් ආමන්ත්‍රණය කළ අගමැති මහින්ද රාජපක්ෂ  අතීත ක්‍රියාකාරකම් රැසක් සිහිපත් කළේය. අරගල භූමියේ සිටින පිරිස සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ද අගමැතිවරයා මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

නමුත් අරගල භූමියේ දින කිහිපයක් ම නිදිවරමින් අරගලයේ නායකත්ව මණ්ඩලයේ නියෝජිත තරුණයකු අප හා කියා සිටියේ රාජපක්ෂවරු සියලු තනතුරුවලින් ඉවත්වන තුරු කිසිම සාකච්ඡාවකට එකඟ නොවන බවයි.

මෙම අරගලය ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බවත්, ඒ හා සමඟ සියලුම රාජපක්ෂවරු තමන් දරණ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී නව රාජ්‍යයක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහයෝගය දිය යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ දැනට ඇති වී තිබෙන අර්බුදයකාරී තත්වයට වගකිව යුතු සියලු දෙනා ඉන් ඉවත්ව නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවත් සාකච්ඡා කිරීමට පෙර ඒ සඳහා මූලික පියවරක් ලෙස ඉවත්වීම අවශ්‍ය බවත් අරගලයේ යෙදී සිටින පිරිසගේ පොදු මතය වී තිබේ.

රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව කිසිදු දේශපාලන පක්ෂයක මෙහෙයවීමකින් තොරව මෙම අරගලයේ යෙදී සිටීම විශේෂත්වයකි. සමාජ මාධ්‍ය ජාලාවල ඒකාරාශී වී ඇති කණ්ඩායම් සහ ගම් මට්ටමේ සිවිල් ජනතාව මෙම අරගලය විවිධ ආකාරයෙන් සහයෝගය දෙමින් සිටිති.

අරගලයේ නිරත තරුණ පිරිස් විසින් ම ගාලු මුවදොර පිටියේ අරගල භූමිය “ගෝඨාගෝගම” ලෙස නම්කර ඇති අතර එය මේ වනවිට Google Map වල පවා දැකිය හැකි ස්ථානයක් බවට පත්ව තිබීම විශේෂත්වයකි.

අරගලය ආරම්භ වූ දිනයේ පටන් එම ස්ථානයේ සෞඛ්‍ය සේවා ස්ථාපිත කර ඇති අතර මේ වනවිට ‘ජනතා නීතිඥයෝ සංවිධානය” අඛණ්ඩ අරගලය සහාය දැක්වීමක් ලෙස ඔවුන්ගේ කාර්යාලයක් ගෝඨාගෝගම අරගල භූමියේ ස්ථාපති කිරීමට නියමිතය.

මීට අමතරව මාධ්‍ය කර්මාන්තයේ නිරතවූවන් ද එක්ව ගෝඨාගෝගම මාධ්‍ය කේන්ද්‍රයක් ද ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!