spot_img
spot_imgspot_img

“රාජපක්ෂලාට කඩේ යාම ගැන පශ්චාත්තාප වෙනවා” – ආචාර්ය රෝහණ වීරසිංහ

පුවත්

විදෙස්

කාලයක් රාජපක්ෂවරුන්ට කඩේ යාම ගැන මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක් යැය ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ පවසයි.

ඔහු මේ ප්‍රකාශ කර ඇත්තේ facebook සටහනක් තබමිනි. එම සටහන තබමින් ඔහු මෙසේ ද කියයි.

“අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා! ආශීර්වාද කරනවා.

බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.

 2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිළිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තුවලට යටවුන බව සත්‍යයක්.

ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම- දූෂණය – වංචාව පවුල්වාදය – අවනීතිය – අකාර්‍යක්ෂමතාව – නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.

 නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!