spot_img
spot_imgspot_img

යුරෝපා සංගමය, ඇමෙරිකාව හා ජර්මනිය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළකරයි

පුවත්

විදෙස්

සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් අද (02) කියා සිටියාය.

ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ දැනට ඇති ව තිබෙන තත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි. ඉදිරි දිනවල දී සෑම අංශයක්ම සංයමකින් කටයුතු කරනු ඇතැයි ද මේ වනවිට පීඩාවට පත්ව ඇති ජනතාවට සහනයක් ගෙන එමින් ආථිකය ඉක්මණින් ස්ථාවර කරනු ඇතැයි ද තමන් අපේක්ෂා කරන බව ද ඇය එම පණිවිඩයේ පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කණස්සල්ල පළ කර තිබේ. සාමකාමී සහ නිදහසේ රැස්වීමේ අයිතිය, විසම්මුතිය ඇතුළු සියලු පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන ලෙස ද යුරෝපා සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින බව ද එහි ප්‍රකාශ කර තිබේ. එමෙන් ම ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ පා ඇති මේ අභියෝගාත්මක තත්වය යුරෝපා සංගමය දැඩිව නිරීක්ෂණය කරන බව ද සඳහන්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ගර් සීබුට් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් ඇතැයි යන්න සත්‍ය්‍යක් බවයි. එය තවත් ව්‍යාකූල නොකළ යුතු බවත් ඔහු ට්වි‍ටර් පණිවිඩයක් මගින් පවසා ඇත. මිනිසුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂ්‍ය කිරීම හදිසි අවස්ථාවක් නොවන බවත් ඔවුන් මෙසෙ පාරට එන්නේ හදිසි තත්වයක් නිසා බවත් ජර්මන් තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!